අනතුරු වළක්වා ගැනීම

මගේ මිතුරා ගෙල සිට පහළට අප්රණික වූ රෝගියෙක්. ඔහු මුළුමනින්ම ඇඳේ සිටින අතර ඔහුගේ ජීවිතය, රැකවරණය සපයන්නන් මත සම්පූර්ණයෙන්ම රඳා පවතී. වාසනාවකට මෙන්, ඔහු රැකබලා ගන්නා අතිශයින්ම පක්ෂපාත බිරිඳක් සහ ඔහුගේ රැකවරණය සඳහා මවට උදව් කරන වැඩිහිටි දරුවන් දෙදෙනෙකු සිටී. පවුලේ ආහාර සැපයුම්කරුගේ ක්ෂණික අසනීප තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ අනාගත සැලසුම් මුළුමනින්ම වෙනස් කර වර්තමාන තත්වයට අනුව හැඩගැසීමට ඔවුන්ට සිදුවිය. රාත්රියේ තම මෝටර් රථය බිබිල ප්රදේශය අවට ධාවනය කරමින් සිටියදී, නවතා තිබූ ටිපර් ට්රක් රථයක පිටුපස ගැටී බෙල්ල ප්රදේශය වටා කොඳු ඇට පෙළට තුවාල වූ අතර ක්ෂණිකව ගෙල සිට පහළට සම්පූර්ණයෙන්ම අප්රාණික විය.

මෙම මාරාන්තික අනතුරට මුහුණ දුන් විට ඔහු ආසන පටි පැළඳ සිටියේ දැයි තීරණාත්මක ප්රශ්නය ඇසීමට මට කිසි විටෙකත් ධෛර්යවන් වීමට මට නොහැකි විය. පුරවැසියන්ට උපකාර කිරීම සඳහා සම්මත කර ඇති නීති බොහොමයක් ඇති අතර ආසන පටි නීතිය ඉන් එකකි. මෙය රියදුරු හෝ මගියෙකු අනතුරක දී ඉහළ අහසට විසි වී කුමන හෝ දෙයක වැදී ශරීර කොටස් තුවාල වීම වළක්වයි. උදාහරණයක් ලෙස, ඉදිරිපස අසුනේ සිටින මගියෙකු වාහනයේ වින්ඩ්ස්ක්රීන් තුළට විසි කර හිසට තුවාල සිදුවී සුළං තිරය හරහා වාහනයෙන් ඉවතට විසි වීම සිදු විය හැකිය.

බයිසිකලයක් පැදීමේදී හිස් ආවරණයක් පැළඳිය යුතු නීතිය නම් හිස සහ බෙල්ලේ තුවාල වලින් ඔබව ආරක්ෂා කිරීමයි. ආරක්ෂිත හිස්වැසුම් පැළඳ නොසිටින මගීන්, සමහර විට ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් රැගෙන යන අපේ මාර්ගවල යතුරුපැදි ධාවකයින් දැකීම සාමාන්ය දෙයකි. මෙම ස්වාමිපුරුෂයන් හා පියවරුන් තමන්ගේ භාර්යාවන්ගේ හා දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළීම අතිශයින්ම නිර්දය ය. හිස සහ ශාරීරික තුවාල වලට ලක්වන එවැනි මගීන්ගේ තත්වය කණගාටු දායක ය. මිනිස් ජීවිතය පූජනීය ය. මෙම දිවි ගලවා ගත් වින්දිතයන් හට මුහුණ දීමට සිදු වන දීර්ඝ හා නීරස පුනරුත්ථාපන ක්‍රියාවලිය දැකීමෙන් සමහරු ප්‍රර්ථනා කරන්නේ මෙම පුද්ගලයින් ජීවතුන් අතර සිටිනාවට වඩා අනතුරේ දී මිය යාම හොඳ බව ය.

අයහපත් ම තත්වය වන්නේ, බීමත්ව රිය පැදවිම යි. ඒ පුද්ගලයා, ඔබගේ ස්වාමිපුරුෂයා, පියා, ඥාතියෙකු හෝ මිතුරෙකු විය හැකි ය. එවැනි රියදුරන් සමහර විට මත්ද්රව්යවලට ඇබ්බැහි වී සිටිය හැකි අතර, ඔවුන් තම මගීන් අනතුරට පත් කිරීමේ හැකියාව තේරුම් නොගනිති. ඔවුන් සෙල්ලම් කරන්නේ ඔවුන්ගේම භාර්යාවන්ගේ, දූ දරුවන්ගේ, ඥාතීන්ගේ සහ මිතුරන්ගේ ජීවිත සමඟ ය. අන්තරාය වන්නේ ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ අය ලබා දෙන උපදෙස් වලට පවා සවන් නොදෙන තරමට ඔවුන් මත් පැන් පානය කිරීම යි. බේබදු, අඥාන රියදුරෝ, තමාගේ සන්සුන්ව සිටින උපදේශකයින්ගේ ද ජීවිත අනතුරට ලක් කරති.

රියදුරු වෙහෙසට පත්ව නිදා සිටින විට රිය පැදවීමේදී බොහෝ මාර්ග අනතුරු සිදු වේ. රිය පදවන අතර තුර ඔබට නිදිමත නම්, ඔබ රැගෙන යන ඔබගේ පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් විය හැකි මගීන්ගේ ජීවිත මෙන්ම ඔබ්ගේ ජීවිතය ගැන ද සිතන්න. එවන් අවස්ථාවක, ඔබට නිදි මත ඇති බව කාට හෝ පවසා වෙනකෙකු හට රිය පැදවීමට ඉඩ හැර කෙටි විවේකයක් ලබා ගැනීම නුවණට හුරුය. වාහනයේ වෙනත් රියදුරෙකු නොමැති නම් එය පාරෙන් ඉවතට ගෙන පැයක් හෝ දෙකක් නිදාගෙන විවේක ගන්න. මෙහිදී, ඔබ ඔබට ද ඔබගේ මගීන්ට ද සිදු කරන්නේ විශාල උපකාරයකි.

නිවාස අනතුරු

පාසල, කාර්යාලය සහ නිවසේ පරිසරය තුළද බොහෝ අනතුරු සිදු වේ. බොහෝ අනතුරු ගින්නෙන් සිදුවන අතර මුළුතැන්ගෙය එවන් අනතුරු බහුලව සිදු වන ස්ථානයකි. නිසැකවම මුළුතැන්ගෙය යනු අපගේ ආහාර පිළියෙළ කරන ස්ථානයයි. අපි ආහාර පිසීම සඳහා ගෑස් සිලින්ඩර සහ විදුලිය යොද ගන්නා අතර සමහර ගම් වල ඒ සඳහා දර යොදා ගැනේ. අපි ආහාර පිසීම ආරම්භ කර අනෙකුත් අත්යවශ්ය ගෙදර දොරේ වැඩවලට සම්බන්ධ වෙමු. උදා. ඔබට දරුවෙකු සිටී නම්, ඔබ දරුවා පෝෂණය කළ යුතුය, ඔහු / ඇය පිරිසිදු කර ස්නානය කළ යුතුය, ඇයගේ / ඔහුගේ නියපොතු කැපිය යුතුය. කාර්යබහුල මවක් සහ ගෘහ පාලිකාවක් ලෙස ඔබට බහු කාර්යයන් කළ යුතුය. ඒ අතර, කිසියම් අසාමාන්ය ආකාරයෙන් දුමාරයක් හෝ පිලිස්සෙන ගන්ධයක් දැනෙන තුරු මුළුතැන්ගෙය තුල සිදු වන්නේ කුමක් දැයි ඔබට අමතක ය. ඔබ වාසනාවන්ත නම් මෙම ගින්න බ්ලැන්කට්ටුවකින් නිවා දැමිය හැකිය. ඔබ ප්රමාද වැඩියි නම් එය නිවා දැමීමට ඔබට ගිනි නිවන හමුදාව ඇමතිය යුතුය.

දැඩි අව් රශ්මියක් ඇති දවසක, ඔබගේ බිම් විදුලු පංකාව ක්‍රියාත්මක නොවන බව සිතන්න. එහිදී, ඔබ ප්ලග් එක ඉවත් කොට සියලු සම්බන්ධතා සහ වයර් පරිපූර්ණ ව ඇති බව සිතා සිටී. නමුත් බිත්තියේ ප්ලග් සොකටයේ යම් වැරැද්දක් තිබිය හැක. එවන් අවස්ථාවක, විදුලිය සක්‍රීය ව තිබියදීම ඔබ විසින්ම එය පිළිසකර කිරීමට පෙළඹෙනු ඇත. වෘත්තීය විදුලි කාර්මිකයන් විසින් නීත්යානුකූලව රැහැන්ගත කර ඇති සෑම නිවසකම පරිපථ කඩනයක් ඇති බව අපි කවුරුත් දනිමු. ඔබ විසින්ම අලුත්වැඩියා කිරීමට උත්සාහ කරන ප්රදේශයෙන් විදුලිය අක්රීය කිරීම මෙහි අරමුණයි. බිත්ති ප්ලග් එකෙන් ගිනි පුපුරු ගසාගෙන යන ආකාරය ඔබට පෙනේ. මේ වතාවේ ඔබ වාසනාවන්තයි, පරිපථ කඩනය ක්රියා විරහිත වන අතර ඔබට කම්පනයක් ඇති වූ කලාපයේ විදුලිය විසන්ධි වේ. පරිපථ කඩනය සඳහා නොවේ නම් මෙම අනතුර මාරාන්තික විය හැකිය.

මිනිසුන් ඇඳේ දුම් පානය කිරීම නිසා බොහෝ ගිනි ඇති වී තිබේ. දුම්පානය යනු සෞඛ්ය ගැටලු රාශියක් ඇති කරන අතිශය නරක පුරුද්දකි. ඕනෑම අයෙකු දුම් පානය කළ යුතු අවසාන ස්ථානය ඇඳයි. ගෘහස්ථ ගින්න පැතිරීම වැළැක්වීම සඳහා දුම් අනාවරක සහ දුම් හා ගිනි අනතුරු ඇඟවීම් වටිනා ආයෝජනයකි. විදුලි රැහැන් නිතිපතා පරීක්ෂා කිරීම හා අළුත්වැඩියා කිරීම ඥානවන්ත මුදල් වැය කිරීමක් වේ.

ගෘහස්ථ අනතුරු වළක්වා ගත හැකි තවත් ක්රමයක් නම් ළමයින්ට ප්රවේශ වීමට නොහැකි වන පරිදි ඖෂධ සහ අන්තරායකර රසායනික ද්රව්ය අගුලු දමා යතුර යට තබා ගැනීමයි. බහු-වර්ණ බෙහෙත් පෙති සහ කැන්ඩි හෝ රසකැවිලි අහිංසක දරුවන්ගේ ඇස්වලට බෙහෙවින් සමාන ය. ගෘහස්ථ ඩිටර්ජන්ට් සහ පළතුරු යුෂ හෝ සිසිල් බීම අතර වෙනස හඳුනාගත නොහැක. ඖෂධ අධික ලෙස පානය කිරීම සහ ගෘහස්ථ රසායනික ද්රව්ය ශරීරගත වීම මාරාන්තික විය හැකිය.

නිතිපතා ගෘහ අලුත්වැඩියාවන් සඳහා පුහුණු ශ්රමිකයන් හෝ කොන්ත්රාත්කරුවන් බඳවා ගැනීමට වඩා අපේ නිවාස අලුත්වැඩියා කිරීම හා තීන්ත ආලේප කිරීම ලාභදායී බව අපි කවුරුත් දනිමු. තමා විසින අලුත් වඩියා කටයුතු සිදු කරන අතරතුර සිදු වූ අනතුරු පිළබඳ අවධානය යොමු කරන විට අමතර විස්දමක් වැය කොට එම අලුත් වැඩියා කටයුතු පළපුරුදු සහ ප්‍රවීණ කාර්මික ශිල්පීන් යොදවා ගැනීම නුවණට හුරු බව අපි සිතමු. තමාම අලුත් වැඩියාවන් සිදු කරන්නට ගොස් වහලෙන් හෝ ඉනිමගෙන් බිමට වැටී අස්ථි වලට, සන්ධි වලට සහ කොඳු ඇට පෙළට ඇති වන තුවාල සුව කිරීමට යන වියදම ගැන සලකා බලන විට අමතර වියදමක් කොට එම කාර්යයන්ට ශිල්පීන් ලබා ගැනීම වටී.

අප ජීවත් වන කාල සීමාවේදී, මාර්ග හා ගෘහස්ථ අනතුරු වලට මුහුණ දීමට අපට සිදු වේ. මෙම මාර්ග හා ගෘහ අනතුරු බොහොමයක් වළක්වා ගත හැකිය. මාර්ගවල රථවාහන නීති රීති අනුගමනය කිරීම සහ නිවසේදී අපගේ සාමාන්ය බුද්ධිය භාවිතා කිරීම අස්ථි, සන්ධි, හිස සහ කොඳු ඇට පෙළට ඇති වන තුවාල වැනි ස්ථිර ඛේදවාචකයන්ගෙන් වැළකී සිටීමට අපට උපකාරී වේ. එම නිසා, වැළැක්වීම අනිවාර්යයෙන්ම සුව කිරීමට වඩා හොඳය.