සොබාදහමේ සුවය

ස්වාභාවික පරිසරයට අනුකූලව ජීවත් වීම මිනිසුන් සුව කරන බව අද පර්යේෂකයන් සොයාගෙන ඇත. අප දකින අලංකාර තුරුලිය, විහඟ ගීත හා රළ බිඳෙන හඬ වැනි ස්වාභාවික ශබ්ද, මිනිස් ස්නායු, අන්තරාසර්ග සහ ප්‍රතිශක්තීකරණ පද්ධති සුව කිරීමේ ක්‍රියාවලියට බෙහෙවින් බලපාන සාධක වේ. අප්‍රසන්න පරිසරයක සිටීමෙන් ඇතිවන ආතතිය, මිනිසුන් හට දුක, කනස්සල්ල හා මානසික අව පීඩනය ලබා දී ඔවුන් අසරණ භාවයට පත් කරන අතර, එමගින් ඔවුන්ගේ රුධිර පීඩනය, හෘද ස්පන්ධන වේගය සහ මාංශ පේශී වල තද බව ඉහළ නංවා ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපණ කරයි. ප්‍රියජනක ස්වාභාවික පරිසරයක් මේ තත්වය සම්පූර්ණයෙන් ම වෙනසකට භාජනය කරයි.

ශල්‍යකර්මවලට භාජනය වී සිටි රෝගීන් සමඟ පර්යේෂණයක් සිදු කළ ශල්ය වෛද්‍යවරුන් පිරිසකගේ සොයා ගැනීම වූයේ, ගස් කොළං සහිත දර්ශනයකට මුහුණ ලා ස්ථාන ගත වී සිටින රෝගීන් බිත්තියකට මුහුණ ලා ස්ථාන ගත වී සිටින රෝගීන්ට වඩා හොඳින් වේදනා දරා ගත් බවත්, රෝහල් ගත වී සිටි කාලය කෙටි බවත්, ශල්ය කර්ම වල සෘණාත්මක බලපෑම් වලට ඉතාමත් අඩුවෙන් ලක් වූ බවත් ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රෝගීන්ගේ ඇඳන් අසල හරිත පැලෑටි සහ මල් පෝච්චි ද, වැඩිහිටියන් සඳහා වන සාත්තු නිවාස වැනි දිගු කාලීන සත්කාර ස්ථාන වල සුරතල් සතුන් ද තබා, රෝගීන්ගේ ආතතිය හා වේදනාවන් අවම කොට සුව වීමේ ශක්තිය ඉහළ නැංවිමට පියවර ගන්නා ලදි.

පුරාණ දර්ශනවාදීන්, ශ්රමණ සහ යෝගීන් ස්වභාව ධර්මය හා ස්වාභාවික සංසිද්ධීන් පිළිබිඹු කර මෙනෙහි කළහ. සමහර පුරාණ ගෝත්රිකයන් සූර්යයා, චන්ද්රයා සහ තාරකා වැනි ස්වාභාවික සංසිද්ධිවලට පවා නමස්කාර කළහ. ඔවුන් සීකුවියා හෝ නුග වැනි විශාල ගස්වලට පවා වැඳුම් පිදුම් කළහ. බලවත් ගිගුරුම් සහ විනාශකාරී කුණාටු වැනි ස්වාභාවික සංසිද්ධීන් ගැන ඔවුහු බිය වූහ.

අද තත්වය

අද මිනිසා සිය ගම් හා ගම්බද ප්රදේශ අයත් ස්වාභාවික පරිසරය අතහැර දමා නගර හා තදාසන්න ප්රදේශවලට සංක්රමණය වී ඇති අතර සමහර පරිසරවේදීන් එම ප්රදේශ කොන්ක්රීට් වනාන්තර ලෙස හැඳින්විය. මෙම ප්‍රදේශවල, ගස් කොලං සහ පඳුරු වලින් යුත් ස්වාභාවික පරිසරයක් දක්නට නොලැබේ. තම රැකියාවලට, පාසල් වලට හා අනෙකුත් පහසුකම් කරා පහසුවෙන් ළඟා වීමට ඇති හැකියාව නිසා ඔවුන් ස්වාභාවික පරිසරයක් නොමැති නගර කරා ඇදී ගොස් ඇත. මෙය සාංකාව, ආතතිය, මානසික අවපීඩනය (අධි රුධිර පීඩනය) ස්නායු (කාංසාව සහ මානසික අවපීඩනය) සහ අන්තරාසර්ග (දියවැඩියාව, වකුගඩු අකර්මණ්ය) රෝග වේගවත් කිරීමට හේතු වී තිබේ.

ගම්බ්ද පරිසරයක ඇවිදීම හා විනෝද වීම වෙනුවට, අපි සොබා දහමෙන් ඈත්ව, පර්ගණක, ජංගම දුරකථන හා රූපවහිනි තිරයට ඇබ්බැහි වී ඇත්තෙමු. ජනේල හරහා බැලූ විට අපට පෙනෙන්නේ පරිසරය විනාශ කරන පොසිල ඉන්ධන පරිභෝජනය කරන රථ වාහන සහ බර වාහන ය. අවට සොබාදහමේ ඉතිරිව ඇති දේ අගය කිරීම සඳහා කිසිඳු වේලාවක් නොමැති මිනිසුන් අපට පෙනේ. නූතන විද්‍යාඥයින් මෙම "සොබාදහම අහිමි වීම" බොහෝ හෘද වාහිනී, අන්තරාසර්ග හා මානසික රෝග සඳහා හේතුව ලෙස වර්ගීකරණය කර ඇත. තම දරුවන් පරිගණක, අනෙකුත් උපාංග සහ වීඩියෝ ක්රීඩා වලට නිරාවරණය වීම දිනකට පැය දෙකකට සීමා කරන ලෙස වෛද්ය පර්යේෂකයන් දෙමාපියන්ට සහ ගුරුවරුන්ට නිර්දේශ කර ඇත.

නූතන පාරිසරික ව්යාපාරය විසින් ලෝකයේ සිදුවන පාරිසරික විපත් පිළිබඳව මිනිසුන් දැනුවත් කරන අතර පුද්ගලික වාසි තකා පරිසර පද්ධති විනාශ කිරීමේ මෙම අනවශ්ය හැසිරීම දිගටම කරගෙන යාමේ ප්රතිවිපාක ගැන අපගේ නායකයින්ට අනතුරු අඟවයි. වේගයෙන් පිරිහෙමින් පවතින පරිසරය පිළිබඳව අප දැඩි අවධානයක් යොමු නොකරන්නේ නම දැවැන්ත ස්වාභාවික විපත් වලට මුහුණ දීමට සිදු වන බව පරිසර වේදීහු පුරෝකථනය කරති. දිගු නියඟය නිසා අපේ ජල මට්ටම වියළී තිබේ. උතුරු හා දකුණු ධ්රැව වල ග්ලැසියර දියවීම ගංවතුර සහ මාලදිවයින වැනි දූපත් ජලයෙන් යටවීමට හේතු වේ. හිම වලසුන්, පෙන්ගුවින් සහ වෙනත් සත්ව විශේෂයන්ගේ ස්වාභාවික වාසස්ථාන අහිමි වන අතර මෙම විශේෂ වඳ වී යාමට ද ඉඩ ඇත.

ආර්ථිකය, වාණිජ්යය සහ නිෂ්පාදනය සඳහා කෙටිකාලීන ප්රවේශයන් නිසා පෘථිවියේ සම්පත් කොල්ලකෑමට ලක්ව ඇත. ආහාර වලට පමණක් නොව, ශාරීරික හා මානසික රෝග රැසක් සුව කරන අතිශය වැදගත් ශාක විශේෂ බොහොමයක් වන විනාශය නිසා අනාගතයේදී අපට අහිමි වී යා හැක. උදේ හිරු උදාව සහ සවස් යාමයේ හිරු බැස යෑමක් දැකීමට ඔබේ ඇස් භාවිතා කරන්න. අතු සහිත ගස් දෙස බලන්න. මල් වල වර්ණ හා අහසේ වෙනස්වන වර්ණ අගය කරන්න. කුරුල්ලන්ගේ ගීත සහ බිඳෙන තරංගවල ශබ්දවලට සවන් දෙන්න. ඔබ පසුකර යන මෘදු සුළඟ විඳින්න. එමෙන්ම, ස්වභාව ධර්මය අගය කිරීම, විඳීම හා ඒ හා ජීවත් වීම, ඔබ සෞඛ්ය සම්පන්න පුද්ගලයෙකු කරයි.

(ඔබට කිසියම් ශාරීරික හෝ මානසික ගැටළු තිබේ නම්, හෝ කිසියම් රැකවරණය ක් යටතේ හෝ වෛද්යවරයකු, මනෝචිකිත්සකයෙකු හෝ චිකිත්සකයෙකුගේ අධීක්ෂණය යටතේ සිටී නම්, ඔබ ජීවන රටාවේ යම් වෙනසක් ආරම්භ කිරීමට පෙර කරුණාකර ඔබේ වෛද්යවරයා, මනෝචිකිත්සක හෝ චිකිත්සකවරයා හමුවන්න. )